පස් අවුරුදු සැලැස්මෙන් අර්ජුන් ඉවත් කරන්නලු


ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහුව එම තනතුරින් ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වන විට සිංගප්පූරුවේ සිට යළි මෙරටට පැමිණ සිටින බැවින් ඔහුව ගෞරවනීය ලෙස එම තනතුරෙන් ඉවත්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ  බුද්ධිය සම්බන්ධව තමන් තර්ක නොකරන බව කී අමාත්‍යවරයා ඔහුට එල්ල වී ඇති චෝදනාව අනුව මෙවන් තනතුරකට නුසුදුසු බවත් ඔහු එම තනතුරේ තබාගැනීම ආණ්ඩුවට හානියක් බවත් සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.