ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපළේදී ඉන්දීයා රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රන් අභරණ සමඟ ශ්‍රී ලංකා කතක් අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ගත වු පසු ඉන්දියාවට රන් කිලෝ හතරක් ගෙන ආ බව කියන තවත් දෙදෙනෙක් ගෝවේ ගුවන්තොටේදී අත්අඩංගුවට ගනු ලැබුහ.
එහි වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 1.30 කි හෙවත් රුපියල් කෝටි දෙසිය හැත්තෑවකි.
මෙම සල්ලි ශරීරයේ සඟවාගෙන සිටි බවත් ඔවුන් සමඟ පැමිණි ඉන්දියා ජාතිකයකු ද අත්අඩංගුවට ගත් බවත් ඉන්දියා පොලීසිය කියයි.