‘නාමලුත් අත් අඩංගුවට ගනියි. බැසිල් අත්අඩංගුවට ගනියි. ගෝඨාභය අත්අඩංගුවට ගනියි. ඊළඟට මාත් ගනියි‘ යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ මහනුවර දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.
රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සඳහා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා නාමල් රාජපක්ෂ හා ඔහුගේ මව ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ප්‍රබල සාක්කි ඇතැයි සතිඅන්ත පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය කියා සිටියේය.
පසුගිය රජයේ ඉහළ මට්ටමේ පුද්ගලයන් සමග සබඳතා පැවැත්වූ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද තාජුඩීන් මාරක රිය අනතුරකින් මිය ගිය බව දැන්වීම සඳහා පොලිස් සටහන් වෙනස් කළැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂකයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2012 මැයි 17 වැනිදා අලුයම් කාලයේ කොළඹ නාරාහේන්පිට පාර්ක් පාරේ ගිනිගනිමින් තිබූ කාරයකින් තාජුඩීන්ගේ දැවී ගිය සිරුර සොයා ගැනිණි. ශාලිකා ක්‍රීඩාපිටිය ඉදිරිපිට කානුවකට ඔහු ගමන් කළ කාරය වැටී තිබිණි.
චන්ද්‍රිකා හිටපු ජනපති කියපු ඒවට මම උත්තර දෙන්න යන්නෙ නෑ. ඩලස් අලහප්පෙරුම මහත්තයගෙන් ඇහුවනම් කියයි. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අස්වෙන්නෙත් නෑ. අස් කරන්නත් ටිකක් ආමාරුයි.
නව පක්ෂයේ නායකයා ඔබද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා ‘මා කී දාහක නායකය කරනවද ? මා දැන් නායකය කරල තියෙනව ඒකාබද්ද විපක්ෂයෙ,තව අය කියනව අලුත් පක්ෂ වල නායකය කියල නමුත් මට නායකත්වය නැත්තෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණයි‘ යැයි කීවේය.
නව පක්ෂයක් රටේ ජනතාව ඉල්ලනවා. එය අභ්‍යන්තරයෙන් කරන දෙයක් නොව රටේ ජනතාව ඉල්ලන දෙයක් බවත් හිටපු ජනපති එහිදී කීය.
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - ජේ.ඒ.එල් ජයසිංහ
වීඩියෝ - චමිල් රූපසිංහ







