රුපියල් ලක්ෂ තිස් දෙකක් වටිනා සිගරට් කාටුන් 381 ක් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික පවුලක් අද උදෑසන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ වයස අවුරුදු 29,32 වියේ පසුවෙති.
මොවුහු වයස අවුරුදු තුනක් වූ තම කුඩා දරුවා වඩාගෙන මෙම දුම්වැටි තොගය සුක්ෂම ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ බව රේගුව කියයි.
සැකකරුවෝ ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අළුයම 5.40 ට පමණ මෙරටට පැමිණ තිබේ. රේගුව පවසන්නේ මොවුන් ලඟ තිබූ ගමන් මළු හයක මෙම දුම්වැටි සඟවා තිබූ බවයි.
සැකකරුවෝ වසර තුනක් පමණ ඩුබායි හි සේවය කර ඇති බව අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම සිගරට් තොගය රාජ සන්තක කළේය.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ මේ මාසයේ පමණක් රුපියල් කෝටි එක හමාරක පමණ වටිනා දුම්වැටි නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් ඇති බවයි. ඒ අනුව මෙය පස්වෙනි වැටලීම බවත් පැවසූ ඒ මහතා මෙම දුම්වැටි ප්‍රමිතියෙන් බාල බවත් වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධයක්ෂක රෝහිත උඩුවාවල මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පරාක්‍රම බස්නායක, දර්ශණ ද සිල්වා, පී සත් කුමාර, සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ධම්මික ගමගේ, වී ෆර්නෑන්ඩු, සුමුදු ජයවර්ධණ යන නිලධාරීහු සිදු කරති.