පවුලක් මරා ඝාතකයෝ පැන යති ?


වෙන්නප්පුව, නයිනමඩම සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

එම නිවසේ සේවය කළ අඹු සැමි යුවළ මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයිද ඔවුන් පුවත්පත් දැන්වීමකට අනුව මාසදෙක කට පෙර මියගිය ව්‍යාපාරිකයාගේ නිවසේ සේවයට පැමිණ ඇතැයිද අනාවරණය කරගෙන ඇත.

නිවස ඇතුළත අල්මාරි කඩා දමා ඇති බවත් මරා දමා ඇති වෛද්‍යවරියගේ මුදුව දමා තිබූ ඇඟිල්ල කපා දමා තිබූ බවද මහේස්ත්‍රාත් පරික්ෂණයේදී හෙළිවූ බව පොලිසිය පවසයි. පොලිස් නිල සුනඛයන්ද යොදා ගෙන පරික්ෂණ සිදු කෙරෙන අතර අද (2) සිදුකළ විමර්ශන වලදී එම පවුල මරා දමා තිබූ වළෙහි තිබී උල් පිහියක් සොයාගත් බවද පොලිසිය කියයි.

ඊයේ (1) නයිනමඩම කොහුමෝල් ව්‍යාපාරිකයා හා ලුණුවිල රෝහලේ සේවය කරන ඔහුගේ බිරිඳ ඇතුළු දරු දෙදෙනා මරා කොහු මෝල පිටුපස පොල් ලෙළි වළක දමා තිබියදී සොයා ගැනුණි.

IMG_9956 IMG_9959 IMG_9964 IMG_9965 IMG_9966 IMG_9971 IMG_9974 IMG_9977