පවුලක් නැසු වතු අධිකාරීත් ගස්


උඩුගම හෝමදොළ දී පියා දියණිය හා පුතකු කපා කොටා ඝාතනය කිරීමට වරදකරුවන්  වූ දෙදෙනකුට  දකුණු පළාත් බද මහාධිකරණ  විනිසුරු පද්මා හේමා පලිහක්කාර මහත්මිය විසින්  අද (29) මරණ දඬුවම් නියම කළාය.

මතුගම වතු අධිකාරි එන්.ඒ.පී.ප්‍රේමසිරි හා දාඹුර හේවගේ සරත් යන දෙදෙනාට මෙලෙස මරණ දඩුවම් නියම කැරිණි. 2012 පෙබරවාරි මස 12 වැනිදා උ උඩුගම හේමාදොළ දී කකුලෙ විතානගේ විතානගේ සුනිල් ජයවීර (41) නිසංසලා ජයවීර (13) හා ශෙහාන් හර්ෂජයවීර (11) මරා දැමීයැයි ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ ඔවුන්ට දඬුවම් නියම විය.