පවිත්‍රා ගැන කියද්දී සිරිකොතේ විදුලිය නැති වේ


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිරිකොතට ගිය රාජිත සේනාරත්න හිටපු ඇමැති කතා කරද්දී එක්වරම විදුලිය නැති විය.

ශබ්ද විකාශන යන්ත්‍ර ද ක්‍රියා විරහිත විය.

එවිට වේලාව පස්වරු එක පමණ විය.

රාජිත සේනාරත්න මහතා විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විවේදනය කරද්දී විදුලිය ඇන හිටි බව එහි සිටින මාධ්‍යවේදීහු සිටිති.

‘විදුලිබල ඇමැතිනිය කිව්වා ආණ්ඩුවෙන් තව එක්කෙනෙක්වත් එන්නේ නෑ කියා. අපි එක දත ගානෙයි ගලවන්නේ. ‘

‘විදුලිය විසන්ධි කරලා අපේ කතා නවත්වන්න වත්, අපේ වැඩ නවත්වන්න වත් මේ ආණ්ඩුවට බෑ.‘ යැයි රාජිත කීවේය.

ටික වේලාවකින් විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලිය ලබාගෙන වැඩසටහන පැවැත්වීය.

ලෙකෝ පෞද්ගලික විදුලි සමාගමේ නම හෙළි කිරීමට අකමැති ප්‍රකාශකයකු සඳහන් කළේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එම ප්‍රදේශයේද විදුලි විසන්ධි කරන බව  කල්තියා පුවත්පත් මගින් දැනුම්දී තිබු බවයි.