පවර් - වික්‍රමසිංහ හමුව හෙට


නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් මහත්මිය හෙට(23)  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.

ලංකාවේ වත්මන් තත්ත්වය හා ප‍්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සමන්තා පවර් මහත්මිය අග‍්‍රාමාත්‍යවරයා සමඟ කරුණු සාකච්ඡා කරනු ඇත.

පෙරේදා (21) සවස දිවයිනට පැමිණි ඇය එදිනම සවස විදේශ කටයුතු අමාතය මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවාය.

ඊයේ (22) උතුරු පළාතේ සංචාරයක නිරතවූ ඇය උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර , උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් යන මහත්වරුන් සහ සහ එම පළාත් සභා මන්ත‍්‍රීවරුන්,යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් පිරිස් හමුවී සාකච්ඡා පැවැත්වූවාය.පස්වරුවේ ඇය යාපනය පුස්තකාලය නැරඹීමටද ,උදයන් පුවත්පත් කාර්යාලයට යෑමටද, යාපනය දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන් හා යුද්ධයෙන් මියගිය අයගේ භාර්යාවන් හා අතුරුදන් වූ වැසියන්ගේ පවුලේ ඥාතීහුද හමුවීමට කටයුතු කළාය.