පලෙර්මෝ නගර ඡන්දය අද


පලෙර්මෝ නගර සභාවට විදේශිය නියෝජිතයින් පත් කර ගැනිමේ සඳහා පැවැත්වෙන  ඡන්ද හෙට (20) පැවැත්වීමට නියමිත අතර  මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති  ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑවකට ඡන්ද පත්‍රිකා නොලැබුණු බවට පැමිණිලි ලැබී ඇතැයි පලෙර්මෝ නගර සභා මැතිවරණ නිළධාරිනියක පැවැසුවාය. එම නිසා හෙට උදෑසන සිට ප්‍රධාන දුම් රිය ස්ථානය ආසන්නයේ ඇති ජුලියට් සිසර් නගර සභා කාර්යාලය විවෘතව තිබණ බවත් ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට එම ස්ථානයට පැමිණ ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බවත් මැතිවරණ නිලධාරිහු කියති. ශ්‍රි ලංකාව නියෝජනය කරමින් දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙම මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ලොක දමිල ප්‍රජාව පමණක් නියොජනය කරමින් දමිල ජාතිකයෝ සිව් දෙනෙක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. දමිල ජාතිකයින් පන් දහසක් හා සිංහල ජාතිකයින් පන්සියක් පලෙර්මෝ නගර සභා බල ප්‍රදේශය තුල  ජිවත් වෙති.