ජිනීවා මානව හිමිකම් සැසිවාරය අලලා ඉතාලි පලෙර්මෝ නුවර දෙමළ විමුක්ති සංවිධානය මෙහෙයවන සම්මන්ත්‍රණයක් හෙට උදේ 10ට පලෙර්මෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
යුද්ධය අතරතුර ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ වැසියන් 140000ක් ඝාතනය කර මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝණය කර ඇතැයි ඔවුහු කියති.
සම්මන්ත්‍රණය සඳහා පලෙර්මෝ නගරාධිපති සහ උප නගරාධිපති ආරාධනා ලැබ සිටිති.
පලෙර්මෝ දෙමළ විමුක්ති සංවිධානයේ උප සභාපති යසාන්පත් රතනසාමි සම්මන්ත්‍රණය මෙහෙයවයි.