උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇතැයි ඒ මහතාගේ කාර්යාලය ආරංචි කියයි.
ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඒ තනතුරට හිටපු ඇමැතිවරයකු සහ හිටපු මහ ඇමැතිවරයකු ද වන රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
මේ ගැන විමසීමට පලිහක්කාර මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

