ඉන්දීය රජයේ ආධාර යටතේ නවීකරණයට යෝජිත ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති පලාලි ගුවන්තොටුපළේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට උතුරු පළාත් මහ ඇමතිවරයා විරෝධය පළ කර ඇත.
යාපනය පලාලි ගුවන් තොටුපළ ඉන්දීය රජයේ ආධාර යටතේ නවීකරණයට ලක් කිරීමෙන් පලාලි ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් හා ප්‍රදේශවාසීන්ගේ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකි බව පෙන්වා දෙමින් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා මෙලෙස විරුද්ධත්වය පළ කර ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එම ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පවතින භූමි ප්‍රමාණය පුළුල් කිරීමකට හෝ ඒ මඟින් ප්‍රදේශය අවට සිටින ජනතාවට අසාධාරණයක් හෝ අලාභයක් සිදු වෙනවා නම් තමන් ඊට විරුද්ධවන බව දන්වමින් විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පෙන්වා දී ඇත.
මෙම ගැටලූකාරී තත්ත්වය ගැන උතුරු පළාත් මහඇමතිවරයා උගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනය සමඟද සාකච්ඡා කොට ඇතැයි වාර්තාවේ.

