යාපනය පලාලි අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තමන්ට අයත් අක්කර 6381 ක් ආරක්ෂක මුලස්ථාන යක් පිහිටුවීමේ අරමුණින් රජයට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රීට් ආඥාවක් ඉල්ලා වැසියන් 1474 දෙනකු ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය එම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කැර ඇති ඉඩම් ඇමැති ඇතුළු පිරිසට ජුලි 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අද (30) නියෝග නිකුත් කළේය.
මෙම පෙත්සම අභියාචනාඅධිකරණ සභාපති විනිසුරු එස් .ශ්‍රී ස්කන්ධරාජා හමුවේ සලකා බැලීය.
අච්චුවේලීයේ අරැණාචලම් කුණ්ඩාලසිංහම් මහතා ඇතුළු 1479 දෙනකු ගොනුකැර තිබු පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසින් යාපනයේ ඉඩම් පවරා ගැනීමේ නිලධාරී කේ .සිවරාම් ,ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.