පලාගිය රිය අල්ලන්න පොලිස් දැල


කිරිබත්ගොඩ නගරයේදී සිකුරාදා මැදියම් රැය ආසන්නයේදී ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී චමින්ද කරුණාරත්න මහතාගේ රියේ පිටුපසින් ජීප් රියක් හැපුනු පසු ඔහුටද තර්ජනය කර එතනින් ගිය බව කියන රියදුරෙකු සොයා ගැනීමට පොලීසිය වෙහෙසෙයි.

මෙම පුද්ගලයා අනතුරින් පසු කරුණාරත්න මහතාව ඔහුගේ වාහනයට යට කරන්නට තැත් කළේ දැයි සැකයක්  පවතින බවද පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.