පල්ළෙකැලේ සිරකරුවෙක් පැන යයි


(යොහාන් භාසුර)

පල්ළෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවෙක් පැන ගොස් ඇත බවත් අදාල සිරකරු සොයා මේ වන විට පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මත්ද්‍රව්‍ය චෝදනාවට එම සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙක් මෙසේ පළාගොස් ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.