පල්ලෙකැලේ හිරෙන් සිරකරුවෙක් පැනගිහින්


(ෂේන් සෙනෙවිරත්න)

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලීසිය කියයි .

එම සිරකරු මැයි මස 28 වැනි දින නිදහස ලැබීමට නියමිතව සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි .