පල්ලියෙදි පහර දුන් හමුදා සාමාජිකයන් සොයයි


(තරිඳු ජයවර්ධන / ටෝනි කරුණානායක)

 
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ දී වැලිවේරිය කිතුණු දේවස්ථානය තුළදී නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයාට පහර දී මරා දැමූ බව කියන යුද හමුදා සාමාජිකයන් සඳුනාගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාම්තක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැන්වීය.
 
මෙම සිද්ධියේ මෙතෙක් ඇප හිමි නොවූ යුද හමුදා සැරයන්වරයා සහ කෝප්‍රල්වරයා ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා නියෝග කළේය.
 
ඇප මත මුදා හැර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ සැරයන් ලලිත් ග්‍රේ හට නොවැම්බර් 1වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.