මීසම් සභාවේ විරෝධය නොතකමින් නීතිවිරෝධී ලෙස රාවතාවත්ත රෝමානු කතෝලික පල්ලියට මීටර 40 ක් තරම් සමීපව සුරාසැලක් විවෘත කිරීමට සුරාබදු කොමසාරිස්වරයා අවසර දී ඇතැයි මහජන අයිතින් සුරැකීමේ ව්‍යාපාරය චෝදනා කරයි.
මායිම් දුර වෙනුවට ව්‍යාජ මැනුම් ක්‍රමවේදයක් භාවිත කරමින් දේවස්ථානයට ඇති දුර වැඩි කර මෙම සහතිකය ලබාගෙන ඇතැයි එම සංවිධානයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ශිරන්ත අමරසිංහ මහතා පැවැසීය.
මෙම දේවස්ථානයේ භාරකාරිත්වය දරන මැල්කම් රංජිත් කාදිනල්තුමන් ද මෙම ඉදිකිරීම වළක්වන ලෙස දන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම විරෝධය පළ කර ඇතත් කිසිදු ප්‍රතිපලයක් වී නැතැයි ද අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.