පල්ලිය කැඩූ සොරු හිස් අතින් යති


කටුගස්තොට උගුරැස්සපිටියේ පිහිටි මුස්ලිම් පල්ලිය කඩා ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබේ.

පල්ලියේ දොර කඩා එහි ප්‍රධාන කාමරයට ඇතුළු වී ඇතත් කිසිදු භාණ්ඩයක් හෝ මුදල් සොරකම් කර නොමැති බව පොලිසිය කියයි.

පල්ලියේ නිදා සිටි එහි සේවකයකුට ශබ්දයක් ඇසී නැගිට කෑ ගැසීමත් සමග සොරුන් පළා ගොස් ඇති බව පොලිසිය කියයි.