මොරගහකන්ද ජලාශය ඉදිකීමේ භූමීයේදී පල්ලමකට පෙරැලීගිය ජීප් රිය පැදවු අතුරුදන් වු ඉංජිනේරුවරයා වැඩබීමේ කමරයක සිට අද(2) උදෑසන සේවයට වාර්තා කැර ඇතැයි නාවුල පොලීසිය කියයි.
පෙර දින (01) පස්වරුවේ එම වාහනය පෙරැළීයාමෙන් පසු ඉංජිනේරුවරයා සොයා නාවුල පොලීසිය අද පාන්දරවන තුරුම එම පෙදෙස පීරා බැලුවේය.
මේ අතරතුරදී උදෑසන 7 ට පමණ අතුරුදන්වු ඉංජීනේරුවරයා සේවයට වාර්තා කැර ඇති බවද මේ අනතුරින් ඔහුට කිසිවක් සිදු වී නැතැයිද නිවාඩු දිනයකදී වාහනයක් වැඩ බිමෙන් රැගෙන යාම හා එය අනතුරකට ලක් වුයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර් බී තෙන්නකෝන් මහතා කියයි.