පල්ලම් බැස සිටි තුවක්කුකරු පල්ලමදී අල්ලයි


මිනුවන්ගොඩ පසුගිය 24 වෙනිදා පීල්ලවත්ත අයෙකු වෙඩි තබා මරා දැමු බව කියන සැකකරු පල්ලම දී අවියක් හා පතොරම් ද සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි.

අද(30) මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය විසින් සැකකරු දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.