පරෙවි දූපත තාවකාලිකව වසා දැමේ


(අමදෝරු අමරජීව)

නිලාවේලි මුහුදේ මේ දිනවල පවතින රළු ස්වාභාවය හේතුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඊසාන මෝසම් වර්ෂාව සක්‍රීයවීමත් සමඟ මුහුදේ ඇතිවී තිබෙන කැළඹිලි ස්වාභාවය හේතුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත්බව උද්‍යාන භාරකරු පි.ඩි.සුනිල් ශාන්ත මහතා පැවැසීය.

"මේ තත්ත්වය මේ මාසය අවසන් වන තුරු තියනවා. ලබන මාර්තු වනතුරු ඊසාන මෝසම තිබුණත් ලබන ජනවාරියෙන් පසුව මුහුද සාමාන්‍ය තත්ත්වයට පත්වන අවස්ථා ද තියනවා. නමුත් සාමාන්‍ය තත්ත්වයට පත්වන අවස්ථාවලදි  සංචාරකයන්ගේ ආරක්ෂාවට  ප්‍රමුඛත්වය ලබාදී  කටයුකු කරන නිසා අප ලබාදෙන උපදෙස්  අනුව කටයුතු කරන ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි උද්‍යාන භාරකරු පි.ඩි.සුනිල් ශාන්ත මහතා කීය.