පරීක්ෂණ පමා ඇයි දැයි ඇමැති පොලිස්පතිගෙන් අහයි


මහා පරිමාණ මුල්‍යමය වංචා සෙවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක් මහජන සාමය පිළිබඳ  අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොල්ලුපිටියේ කාල්විල් පෙදෙසේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ කාර්යාලයේදී අද (26) විවෘත කළේය.

පසුගිය රජයේ  ඇතැම් අමාත්‍යවරුන්  ඇතුළු විවිධ ආයතන ප්‍රධානීන්  කිහිප දෙනකුටම  අයතා ලෙස මුදල් එක් රැස් කර ගැනීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින්  මෙම ඒකකය පිහිටැවු බව එහි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතා පැවසීය.

මහජනතාව නිතර ප්‍රශ්න කරන රතුපස්වල සිද්ධිය, මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය,වෙලේ සුදාගේ විවිධ ජාවාරම් ඇතුළු සිද්ධි  රැසක් පිළිබඳ පරීක්ෂණ කඩිනම් නොකරන්නේ මන්දැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතාගෙන් විමසීය.

RDS_5705 RDS_5835

RDS_5732 RDS_5750

 

 

ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා