පරීක්ෂණ කඩිනම් කරන්න


පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කරන විදුහල්පතිවරුන්ට සහ නිලධාරීන්ට විරුද්ධව තරාතිරම නොබලා ක්‍රියා මාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා අද (01) අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දැනට ආරම්භ කර ඇති කොළඹ රාජකීය විද්‍යාලයය ඇතුළු පාසල්වල විමර්ශන කටයුතු විධිමත් කරන ලෙස හා කඩිනමින් එම විමර්ශන අවසන් කරන ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අධ්‍යාපන ඇමැතිවරයා එලෙස උපදෙස් දුන්නේ ව්‍යාජ ලේඛන භාවිත කරමින් ජාතික පාසල් 15කට සිසුන් ඇතුළු කිරීමේ සිදුවීම් ඇතුළව පාසල් කිහිපයක පැවැත්වෙන විමර්ශනයවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට සහ ගැටළු සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (1) සවස කැදවූ රැස්වීමක දී ය.

විවිධ ව්‍යාපෘති ගැන කියමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී ආදි ශිෂ්‍ය සංගම් ගිනුම් වලට මුදල් බැරකරවා ගැනීම ගැන ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.