පරිසරය කන මැණික් පතල් හොයයි


අනවසර මැණික්  පතල්  කැණිම්  මැණික්  හැරිම ඇතුළුව පරිසරයට   හානිකර  අන්දමින්  මැණික්  ක්ෂේත්‍රෙය්  නිරතවන  පුද්ගලයන් සොයමින්   අත්අඩංගුවට   ගැනිමේ   විශේෂ  වැටලීම්    ඒකකයක්  ආරම්භ  කළ බව  ජාතික  මැණික්   හා   ස්වර්ණාභරණ අධිකාරියේ  සභාපති   හා   ප්‍රධාන  විධායක  නිලධාරි පරිසර   අමාත්‍යාංශයේ  ලේකම්  ජගත් නාරම්පනාව මහතා   පැවසිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  උපදෙස්   මත  මෙම  වැටලිම්  ඒකකය  ආරම්භ කර ඇත.

ඉහත සඳහන් නිතිවිරෝධී  ක්‍රියාවන්හි   යෙදෙන  පුද්ගලයන්  සම්බන්ධව  තොරතුරු  2328936 නැමැති  ෆැක්ස් අංකයට   ලිඛිතව හෝ 2390650 දුරකථන අංකයට  දැනුම්  දෙන  ලෙසට   එම  අධිකාරිය  ඉල්ලීමක්   කරයි.

මැණික්  ක්ෂේත්‍රෙය්  නිරතවන  ඇතැමුන්   ගංගා  ඉවුරු වලට හානිකරමින්   පරිසරයට   අගතියක්  වන ආකාරයට  ක්‍රියාකරන  බවට අනාවරණය  වි ඇත.