පරිසර විනාශයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


(විනීතා එම් ගමගේ)

ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම හේතුවෙන් පාරිසරික ගැටළු ගණනාවක් මතුව ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

කුරුණෑගල දිස්ත‍්‍රීක්කයේ රිදිගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෙම කඳු පන්තියේ කළු ගල් වැඩපොළවල් රාශියක් පවත්වාගෙන යන බව එහි කළ අධ්‍යයන චාරිකාවල දී හෙළි වූ බව එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

මූලික පරිසර තක්සේරු වාර්තාවක් හෝ සිදු නොකර ගල් කැඞීම සඳහා අවසර දී ඇතැයි ද මේ වන තුරු මෙම පරිසර හානිය සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමුව නැතැයි ද ඒ මහතා පවසයි.

මෙම විනාශයට එරෙහිව මානව හිමිකම් කොමිසමට අද (21) පැමිණිලි කළ බව කී කාරියවසම් මහතා මෙම විනාශයට එරෙහිව පරිසර සංවිධාන දිගටම සටන් කරන බව ද ප්‍රකාශ කරයි.