පරිසර නීතිය අළලා අනුරාධපුරයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත වන සංරක්ෂණ නීතිය, වන අපරාධ නීතිය, වනජීවි සංරක්ෂණ නීතිය යන ග්‍රන්ථ ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවය මාර්තු 22 වැනිදා පෙරවරු 9 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට යයි.
ඔහු මීට පෙරද නීතිය පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීමේ පොත් කිහිපයක්ම ලියා ඇත.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

