විල්පත්තුව, සිංහරාජය සහ යාල වනෝද්‍යාන අතුළු මෙරට ස්වාභවික වනාන්තර විනාශයට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධායන කළ පාගමනක් හා විරෝධතාවක් අද නෙළුම් පොකුණ ආසන්නයේ දී පැවැත්විණි. කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පාගමන නෙළුම්පොකුණ දක්වා ගමන් කළේය.




