පරිවාස ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් 250 දෙනකු සඳහා ‘ලෝරන්ස්ගේ මනමාලී’ වේදිකා නාට්‍යය සෙනසුරාදා කොළඹ 7 ලයනල් වෙන්ට් රඟහලේදී නොමිලේ පෙන්වීමට යයි.
ලබන වසර සඳහා දරුවන්ට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීමට ද ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය කණ්ඩායම එදින කටයුතු යොදා ඇතැයි එහි රඟන ජනප‍්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන පැවසුවාය. දරුවන්ගේ දැනුම වර්ධනය හා රසවින්දනය උදෙසා සමාජ සත්කාරයක් ලෙස මෙම නාට්‍යය සුජීව පි‍්‍රයාල් යද්දෙහිගේ නිර්මාණයක් වන ලෝරන්ස්ගේ මනමාලී නාට්‍ය සවස 3.30 ට හා සවස 7.00 ට වේදිකාගත කිරිමට නියමිතය.


