පරිප්පුවාට තැබූ වෙඩිල්ල යාළුවාට වදී
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන අසංක නොහොත් පරිප්පුවා ඉලක්ක කර වැල්ලම්පිටිය කොටුවීල දී සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ සමීපතමයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි
පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්‍රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පරිප්පුවා නැමැත්තා කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම
මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

