පරිනීතිට දමිළ චිත්‍රපටයක්


20160310-ent-109

පරිනීති චොප්රා පසුගිය වසරේදී බොලිවුඩ් චිත්‍රපටයකින් දකින්නට නොලැබුණ නිළියකි. කෙසේ වෙතත්, ගෙවී යන 2016 වසර තුළදී ඉන්දීය චිත්‍රපට කිහිපයකින්ම හමුවීමට සූදානමින් සිටින ඇය දකුණු ඉන්දීය චිත්‍රපටයක් සඳහා එක්ව සිටින බවට තොරතුරු ලැබී තිබෙයි.

බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ඒ.ආර්. මුරුගුඩ්ස්ගේ දමිළ චිත්‍රපටයක් සඳහා මෙසේ පරිනීතා සම්බන්ධව වී සිටින අතර, ඇයගේ සිනමා පෙම්වතා වී ඇත්තේ දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු මහේෂ් බාබු බව වාර්තා වෙයි. මෙම කොලිවුඩ් චිත්‍රපටය තෙලිඟු චිත්‍රපටයක් ලෙසටද හඬ කැවීමට සූදානම් කර තිබෙන අතර, මෙය මේ වසරේදී ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමටද සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි.