පරිනීති චොප්රාට අනතුරක්


2016-11-01-ent-29

‘දිවාලි’ දින යෙදි තිබූ රූපගත කිරීමටකට එක්ව සිටියදී ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පරිනීති චොප්රා අනතුරකට ලක්ව ඇතැයි ‘බොලිවුඩ් ඔෆ් ලයිෆ්’ වෙබ් අඩවිය සඳහන් කරනවා. ඇය මෙසේ අනතුරට පත්ව ඇත්තේ අයේෂ්මන් කූරාණා සමගින් ‘මෙරේ ප්‍යාර් කී බින්දු’ චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදියි.

කෙසේ වෙතත්, මෙම අනතුරින් බරපතළ හානියක් පරිනිතීට සිදුනොවී ඇති අතර, ඇයගේ වම් දණ හිසට ඉහළින් තරමක තුවාලයක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුවීමත් සමග එදිනට නියමිතව තිබූ රූපගත කිරීම් කටයුතු නිමා කර තිබෙන අතර, ඉන් පසුව ඇය ‘දිවාලි’ උත්සවය සඳහා නික්ම ගිය බව සඳහන්. පරිනීති මේ දිනවල සුශාන්ත් සිං සමගින් රංගනයෙන් දායක වන ‘තකදොම්’ චිත්‍රපටයේද රූපගත කිරීම් කටයුතුවලට දායකවී සිටියි.