
( සමන් පාලිත නානායක්කාර )
බදුල්ලේ පීඩාවට පත් වූවන්ට සහන සැලසීමේ ක්‍රියාවලියට විවිධ පරිත්‍යාගශීලී පිරිස් ඒ සඳහා උනන්දුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්න බවත් එය ඉතා වැදගත් මෙන්ම ලොකු ශක්තියක් බවත් ඒ සඳහා විශේෂ ස්තූතිය පිරිනමන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වෙනත් ආකාරයේ ද්‍රව්‍ය එකතු කරගන්නා කණ්ඩායම් ගැනත් අසන්නට ලැබෙන බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සහන සැලසීමේ කටයුතු වලට දායක වන ලෙස ඉල්ලා සිටින බවත් එයින් නුසුදුසු අය අතට ආ ධාර ගලා යාම සහ ව්‍යාජ ලෙස සම්පත් ලබාගැනීමට ඉඩ ඇහිරෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

