පරිගණකය දිඹුලාගල පිරිවෙනටත් යයි


මහවැලියෙන්  දිඹුලාගල අරුණෝදය උදා වන්නට පෙර  දිඹුලාගල අරණ්‍ය සේනාසනයේ කිතලගම සීලාලංකාර හිමියෝ පොළොන්නරුවට පයින්ම වැඩම කළහ.

එදා ඒ පැත්තේ සිටි වැදි පවුල්වල දරුවන් මහණ කිරීමට ද ඒ හිමියෝ  දුර දක්නා නුවණින් කටයුතු කළහ.

ඒ හිමියන්ගේ ඝාතනයෙන් පසුව ද ඒ හිමියන් ඇරැඹු වැඩපිළිවෙළ ඉදිරියටම යයි.අද දිඹුලාගලට පරිගණකයද පැමිණ සිටී.දිඹුලාගල අරණ්‍ය සේනාසන පිරිවෙනට පරිගණකය රැගෙන ගියේ කොමර්ෂල් බැංකුවයි.

සීලාලංකාර හිමියන්ගෙන් පසු මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ සහ කාශ්‍යප පිරිවෙනේ මාදුරුඔය විජිතාලංකාර හිමියෝ දිඹුලාගලට නව ලොව හඳුන්වා දෙති.

 

10.jgjmpg S6640036