හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ගිණුම්වලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ඇය නම් කළ පරිගණක විශේෂඥයන් කණ්ඩායමකට ජාතික සංවර්ධන බැංකුවට යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර දුන්නේය.
සැප්තැම්බර තුන හතර සහ පහ දිනවල ඔවුන් බැංකුවට යෑමට නියමිතය.
රජයේ නීතීඥවරයා ද ඊට විරෝධය නොදැක්වීය.
හිටපු අගවිනිසුරුවරිය තම වත්කම් හෙළි නොකළැයි ද, ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ද ඊට අයත්යැයි ද අල්ලස් කොමිසමෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩුවේ සඳහන් වේ.

