පරිගණක අපරාධ පිළිබඳව ක්‍රියාත්මක වන ලොව එකම හා බලසම්පන්න වු බ්‍රඩාපෙස්ට් සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා නීති කෙටුම්පත යුරෝපා කවුනසලයට ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ නිති අධ්‍යක්ෂක නීතිඥ ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
සම්මුතියේ විධිවිධාන වලට අනුව අගෝස්තු වන විට ශ්‍රී ලංකාව ඉබේම එහි සාමාජිකයකු බවට පත්වෙයි. එවිට මෙම සම්මුතියේ සාමාජිකත්වය හිමිකර ගත් දකුණු ආසියාවේ ප්‍රථම රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාවයි.
නීති කෙටුම්පත් විදේශ අමාත්‍යංශය මගින් යුරෝපා කවුන්සලයේ මහලේකම් වෙත ඉදිරිපත් කර ඇත.
මෙය ශ්‍රි ලංකාවට ඓතිහාසික සිදුවීමක් වන්නේ යුරෝපා කවුන්සලය බ්‍රඩාපේස්ට් සාමාජිකත්වය ලබාදිමට කැමැත්ත පළ කරන ආරාධනාව ලබා දී මාස දෙකහමාරක් ඇතුළතදී අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කර එහි යැවීමට සමත්වීමයි.
ශ්‍රී ලංකාවට ආරාධනාව ඉදිරිපත් කළේ පෙබරවාරි 20 දා ය. මැයි 18 දා අදාළ නිති කෙටුම්පත් ඉදිරිපත් කිරිමට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය සමත් විය. මෙම සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා දිමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ පරිගණක නිති යුරෝපා ආර්ථික කලාපයේ නීති හා සැසදීමයි.
යුරෝපා රටවලට අමතරව ඇමරිකාව,ජපානය,ඕස්ට්‍රේලියාව යනාදි රටවලටත් සාමාජිකත්වය හිමි වි ඇත. ලතින් ඇමෙරිකා කලාපයේ රටවල් පිලිපිනය, ආර්ජන්ටිනාව , මලයාසියාව , මෙක්සිකෝව, පේරු, චීලි ඇතුළුව දකුණු අප්‍රිකාවේ රටවල් සඳහා සාමාජිකත්වය ලබාදිමට යුරෝපා කවුන්සිලය ඇරයුම් කර වසර දෙක , හය , දහය ගත වි ඇතත් ඊට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කිරිමට එම රටවල් අපොහොසත් වි ඇත. එම නිසා ශ්‍රි ලංකාව එම රටවල් සියල්ලම අභිබවා ඉදිරියෙන් සිටිම ඓතිහාසික ජයග්‍රහණයකි.
විදේශ අමාත්‍යංශය , අධිකරණ අමාත්‍යංශය, නිතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනිමින් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය මෙම භාරදුර කටයුත්ත ඉටු කළේය.

