පරාක්‍රමබාහු කොළඹ ඇවිත්


මහා පරාක්‍රමබාහු රජු යැයි කියාගත් පුද්ගලයෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත වෙයි.

තමා නැවත ඉපදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට සත්‍ය ක්‍රියා කළ බව පවසන මොහු බිංගිරියේ දළුපත පදිංචි නීල් ධම්මික ගුණසිංහ නමැත්තෙකි.

ප්‍රභාකරන් ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටවත් කළ නොහැකිවූ බව පවසන මොහු 2004 සුනාමි ව්‍යසනයේදී ප්‍රභාකරන් මිය ගිය බව කියයි.

තමා දන්නා සත්‍යය හෙළි කිරීමට ජනපතිවරයා හමුවීමට ඉල්ලමින් මොහු විරෝධතාවයක යෙදී සිටී.

2015-04-06-08.59.10 2015-04-06-09.00.45 2015-04-06-09.01.05 2015-04-06-09.01.16 2015-04-06-09.01.25 2015-04-06-09.04.28

ඡායාරූප - අකිල බද්දෙවිතාන