පරාක්‍රම සමුද්‍රයේ ඔරුපදින්න ගිය පිය පුතු ගිලී මරුට


(නිමල් ජයරත්න)

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අද සවස 5.30ට ඔරු පැදීමට ගිය පිය පුතු දෙපළකට ඔරුව පෙරළී පරාක්‍රම සමුද්‍රයේ ගිලි මිය ගොස් ඇතැයි බව පොළොන්නරුව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බටහිර නයන, නයනමඩම ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 72 ක් ඩබ්ලිව්. සුනිල් ප්‍රනාන්දු හා ඔහුගේ පුතු වන 38 වියති තාරක සදරුවන් ප්‍රනාන්දු යන අය බව පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි,

බැඳිවැව ඥාති නිවසකට පැමිණ ඔවුන් දෙදෙනා සමග පස්දෙනකු දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔරු පැදීමට ගියවිට ඔරුව පෙරළී පිය පුතු මෙම අනතුරට මුහුණ දී ඇති බවද පොලිසිය කියයි,

මෘත ශරීර මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.