(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පෙචුවල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2ක් ගොනු කර ඇති රිට් පෙත්සම් විමසීම හෙට (22) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ සහ එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද (21) විභාගයට ගැනුණු අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීනීඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම කල් තැබිණි.
ඉකුත් 2016 වසරේ නොවැම්බර් 07 වැනිදා සහ මේ වසරේ පෙබරවාරි 03 වැනිදා නිකුත් කර ඇති ලිපි මඟින් සීමා පැනවීමට තීරණය කර ඇති බැවින් එමඟින් සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල හානිදායක බලපෑමක් එල්ල වන බව සඳහන් කරමින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

