ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ටෙරා කෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2 ක් අභියාචනාධිකරණයට ගොනු කර ඇති රිට් පෙත්සම් ලබන 20 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
ඉකුත් 2016 වසරේ නොවැම්බර් 07 වැනිදා සහ මේ වසරේ පෙබරවාරි 03 වැනිදා නිකුත් කර ඇති ලිපි මඟින් සීමා පැනවීමට තීරණය කර ඇති බැවින් එමඟින් සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල හානිදායක බලපෑමක් එල්ල වන බව සඳහන් කරමින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

