(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ‍්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය.
මීට පෙර අවස්ථාවකදී ද රුපියල් මිලියන 360 ක මුදලක් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයි පැවසු අල්විස් මහතා මෙම මුදල හා සැසදීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ අගයක් ගන්නා බවද බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

