පර්ත් පන්සලේ කඨින පිංකම


බටහිර ඔස්ට්‍රේලියාවේ  පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පිංකම 12 වැනි දා පැවැත්විණි.  විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සිරි සෝභිත නාහිමි ද පල්ලේවෙල විසුද්ධවංශ, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ අනුරාධපුර කුට්ටම්පොකුණ විහාරයේ කිව්තලාවේ සමිත, තන්තිරිමලේ පුරාණ විහාරයේ මාද ඔයාමඩුවේ පඤ්ඤාසාර, පරණ හල්මිල්ලෑවේ සෝමානන්ද හිමිවරු වස් විසූහ.

පර්ත් දහම් පාසලේ සිසු ගුරුවරු හා මව්පියෝ කඨින සිවුරු පූජාව කළහ. පර්ත් නුවර බෞද්ධ පිරිස්, දහකට අධික පිරිසක් බුරුම හා කාම්බෝජ හිමිවරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

216  217 218 219 220 221