පරවියන්ගෙන් බේරෙන්න ලක්ෂ අනුවක් ඉල්ලයි


හම්බන්තොට කච්චේරියට පරෙවියන් ඇතුළුවීම වැලැක්වීම සදහා රුපියල් අනු  ලක්ෂයක පමණ වියදමින් දැල් ගැසීමට යයි. මේ සදහා ටෙන්ඩර් කැදවන බව හම්බන්තොට දිසාපති  ආර්.සී ද සොයිසා මහතා කියයි.

පරෙවියන්ගෙන් ද, පරවි බෙටි වලින් ද විවිධ ලෙඩ රෝග පැතිරෙතියි කියති.

ලන්දේසි  යුගයේ  සිට මෙරට බොහෝ තැන් හි පරවියන් සදහා වෙනම ‘‘කූඩු‘‘ ඉදිකළ බව පැරැන්නෝ කියති.

එහෙත් දැන් එම කූඩු දක්නට ඇත්තේ කලාතුරකිනි.