පරවි සදෙස අලුත් වෙයි


වත්තල ඒම්.ලැනරොල් මහතාගේ පරවියෝ 12 අද අනුරාධපුරයේ සිට පැය දෙකකුත්  මිනිත්තු 15 කින් හසුනක් ද රැගෙන වත්තල සුපුරුදු නිවසට  පියාසර  කළහ.

අනුරාධපුර  ඩී.ඒස්. සේනානායක විදුහලේ ගේට්ටුව අසලින් පෙරවරු 8.26 ට  මුදා හැරුණූ පරවියෝ උදේ 10.45 ට  වත්තල හැදල හන්දියට  ළඟා වුහ.

සිංහල රජ දවස පරවියන් පණිවුඩ හුවමාරුවට යොදා ගත් බව ඉතිහාසයේ දැක්වේ. තාක්ෂණය නොදියුණු ඒදාපරවියාගෙන් පණිවුඩ හුවමාරුවට  මහ  මෙහවරක් කළ බව සිසුනට පෙන්වාදිම සඳහා  මෙම වැඩ සටහන අද සිදු කැරිණි. අද ලංකාදිප  පෙරවරු 8.26 අනුරාධපුර  යනුවෙන් පරවියන්ගේ පාදයක පණිවුඩය ගැට ගසා තිබිණි.

පරවියා මතක ශක්තියෙන් ඉහළම තැනක් ගන්නා  පක්ෂියෙක් යැයි විද්‍යාඥයෝ කියති.

simg_1 simg_2 simg_3