වයස අවුරුදු අටට අඩු දරුවන් පස් දෙනකු ද සමග මාතර පොල්හේනේ ගණිකා නිවාසයක වැඩ කළ බව කියන කාන්තාවන් තිදෙනකු හා කළමනාකරුවකු ඇතුළු තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.
දරුවන් වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කර දී තිබූ බවත්, විදේශිකයන් ද මෙහි ආ ගිය බවත් පොලීසිය පවසයි.
රුපියල් දහසක ගාස්තුවක් ගෙවා පොලිස් උපාය දූතයකු එහි ගොස් වැටලීම කර ඇත.
එම කාන්තාවන් අනුරාධපුරය හා හලාවත පෙදෙස්වලින් පැමිණි අය බව කියති.