පරණ හාම්පුතා ව්‍යවස්ථා සංශෝධනයට ඇඟිලි ගහන්නේ නැතිලු


ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට බ්‍රිතාන්‍ය රජය කිසිදු බලපෑමක් කර නොමැති බවත් එසේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් කිසිදු මැදිහත්වීමක් නොකරන බවත්   බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් සෙනසුරාදා (16)කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි වෙස්මිනිස්ටර් හවුස් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය පැවසීය..

තවද මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින  මානව හිමිකම් තත්ත්වය සහ රජයේ ක්‍රියාකාරීත්වය ගැන  සෑහීමකට පත්විය හැකි බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

ඉදිරියේදී  ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවද  ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.