ගාල්ල කරාපිටිය රෝහලේ ළමා හෘද සැත්කම් කිරිම සඳහා එංගලන්තයේ සිට හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සිටියි. ඔවුන් මේ වනවිට සැත්කම් 225 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇත.
අඩු ආදායම්ලාභි දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් මෙම සේවාව සිදු කරයි. විශේෂඥ වෛද්‍යවරු අටදෙනෙක් හෙදියෝ 10 දෙනෙක් සහායකයෝ සිවු දෙනෙක් මෙම කණ්ඩායමට අයත් වෙති.
මෙම පිරිස එංගලන්නයේ එවලිනා රෝහලේ සේවය කරන අතර වාර්ෂික නිවාඩුවට ලංකාවට පැමිණ සැත්කම් සිදුකරන බව වෛද්‍ය කණ්ඩායමේ නායක විශේෂඥ වෛද්‍ය පෝල් ස්කෑලීස් පවසයි.
වසර 14ක් පුරා මෙලෙස තම සේවාව ඔවුන් ලංකාවට ලබා දී ඇත.
එංගලන්තයේ ජනතාව මේ සඳහා මුදල් ආධාර ලබාදෙන බවද එක් අයෙකු සුව පත් කිරීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ තුනක සිට රුපියල් ලක්ෂ 30 දක්වා මුදලක් පමණ වැයවන බවද ඔවුහු පැවසූහ.
මෙයට අමතරව ගාල්ල කරාපිටිය රෝහලට අවශ්‍ය සැත්කම් උපකරණ, උපාංග හා ඖෂධ මොවුන් විසින් ලබා දී ඇත.