දෙහිවල සතුන් වත්තේ ටෝනි චිම්පන්සියා වසර 10කට අධික කාලයක් තිස්සේ බලාගන්නා පුහුණුකරුගේ දකුණු අතේ දබරැගිල්ල වෙන් වන පරිදි කටින් කඩා දැමීය.
වසරකට ආසන්න කාලයක් මේ සතා හුදකලාව වෙසෙයි.
ටොෆියක් කැවීමට යද්දී චිම්පන්සියා ඔහුගේ ඇඟිල්ල සපා ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ චිම්පන්සියාගේ හිටපු පුහුණුකරු තිලක් පුෂ්පකුමාර මහතා වේ.
ස්නායු වෙන්වීම නිසා ඇඟිල්ල බද්ධ කිරීමට නොහැකි බව රෝහල කියයි.

