පරණ සහල් කිලෝ 35,000 ක් අල්ලයි


ආනයනය කරන ලදැයි කියන, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 35,000 ක් වෙළදපොළට එවීමට සදහා සුදානම් කරමින් තිබියදී හදිසි වැටලීමකදී සොයාගත් බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ශ්‍රීමාල් විතානආරචිචි මහතා පවසයි. කැකිරාව  පුබ්බෝගම ප්‍රදේශයේ පිහිටි  ගබඩාවකින් මෙම සහල් තොගය සොයාගෙන තිබේ.

සහල් සුද්ධ කරමින් සිටි පුද්ගලයන්  6 දෙනකු සහ ගබඩා අයිතිකරු අත්අඩංගුවට  ගත් බවත් සැකකරුවකු පලාගිය බවත් වැටලීමට එක්වූ නිලධාරීහු කියති. මෙම සහල් තොග මිට දින කීපයකට ඉහතදී කන්ටේනර් රථ තුනකින් මේ ස්ථානයට ගෙනවිත් ගොඩබා තිබේ.

309 310 311

312 313