රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් රැසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමට නියමිතය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එස් ගුණවර්ධන, කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහථ නාරාහේන්පිට සහ පොලිසියේ එවකට සිටි පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පිරිස අතර වන බවද දැනගන්නට ඇත.
2012 මැයි 17 වැනිදා තාජුඩීන් මරා සිරුර පුළුස්සා දමා තිබිණි.

